දෙස බස රැකි - විරු සඟ මිණ හික්‌කඩුවේ සුමංගල නාහිමි

දහඅට වැනි සියවසේ ලක්‌දිව ඉංග්‍රීසි පාලන සමය ආරම්භ විය. ගාලු දිසාවේ හික්‌කඩුව ප්‍රදේශයේ 1827 ජනවාරි 20 වැනි දින 'දොන් නිකොලස්‌' නමින් භාග්‍යවන්ත කුල කුමරෙක්‌ උපත ලැබීය. ළමා කාලයේ උපන් ග්‍රාමයේ සංඝරාජ, ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹුණ තොටගමුවේ විජයබා පිරිවෙනට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා දෙමවුපිය දෙපළ විසින් නිකොලස්‌ දරුවා යොමු කරවන ලදී. මෙහිදී මොහු සිංහල, පාලි, හා සංස්‌කෘත භාෂාත්‍රය ඉතා විශිෂ්ට ලෙස ඉගෙනීමෙහි යෙදී ඇත. එසේම ජ්‍යෙdතිර් විද්‍යාව ද ප්‍රගුණ කර ඇත. මේ විද්‍යාර්ථියා සියලු භාසා ශාස්‌ත්‍රඥාණය ලබා ඇත්තේ එවකට පිරිවෙන් ආශ්‍රිතව පැවැති පන්හිඳෙන් ලියෑවුණු පුස්‌කොළ ඉරුවෙනි. එකල මුද්‍රිත මාධ්‍ය නොතිබුණු කාල වකවානුවක්‌ විය. විවිධ විෂයයන් තල්පතේ සටහන්ව තිබුණේ සිංහල භාෂාවට වඩා පාළි හා සංස්‌කෘත භාෂාවෙනි. එබැවින් නිකොලස්‌ දරුවා ද භාෂාත්‍රයේ උසස්‌ දැනුමක්‌ ලබා තිබීම හේතුවෙන් විවිධ විෂයයන් ඉගෙනීමෙහි ප්‍රවීණයෙකු විය.

මේ වකවානුව වන විටත් බ්‍රිතාන්‍යයන් මේ රටේ සිංහලයන් සමඟ බිහිසුණු සටන් කීපයක්‌ නිමවා ගිහි පැවිදි දේශමාමක බොහෝ දෙනෙක්‌ ඝාතනය කර ශත වර්ෂ ගණනාවක්‌ ජාතියට උරුමව තිබුණු සිංහල කිරීටයද හිමිකර ගැනීමට සමත් වී තිබිණි. එබැවින් ලක්‌දිව මුළුමනින් ම ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ පැවැති බැවින් අනාදිමත් කාලයක්‌ ජාතිය සතුව පැවති ගති, සිරිත්, විරිත්, හා ආගමික පසුබිම , චිරාත් කාලයක්‌ සිංහල ජාතිය නොනැසී පැවතීමට මූලික හේතුව බව පාලක ඉංග්‍රීසි ජාතිකයෝ දැන සිටියෝය. එම නිසා ක්‍රමයෙන් උපක්‍රමශීලීව ජාතිය සතු එකී ගුණාංග ආක්‍රමණශීලීව හා පාලන බලතල මගින් ව්‍යාපෘතිය කිරිමට පිඹුරු පත් සකස්‌ කර ක්‍රියාත්මකද කළහ. ජාතික අවශ්‍යතාවය අහෝසි කිරීමට පසුබිම සකස්‌ වන කාල වකවානුවක හික්‌කඩුවේ තොටගමුව රජමහා විහාරයේදී දහතුන්වැනි වියේ පසු වූ දොන් නිකොලොස්‌ කලදැවා එම ගිහි නම හැරපියා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල පැවිදි නමින් ප්‍රව්‍රජා භූමියට ඇතුළු විය.

තොටගමුව විජයබා පිරිවෙනේදී ලැබිය යුතු අධ්‍යාපනය නිමවා යොවුන් වියේ සිටි සුමංගල හිමි උසස්‌ අධ්‍යාපනය අපේක්‍ෂාවෙන් වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ රත්මලාන පරමධම්මෙච්තිය පිරිවෙනට ඇතුළු විය. එහිදී පෙර දැක්‌මක්‌ ඇති උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. සහජ කුසලතාවය සහ සුවිශේෂී ධාරණ ශක්‌තියක්‌ උන්වහන්සේ සතුව පැවැති හෙයින් ස්‌වල්ප කාලයක්‌ තුළදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශාරදයෙකු විය. පසු කාලීනව ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථකරණය හා තත් කාලීන රාජ්‍ය පාලකයන් හා විදේශීය ඉංග්‍රීසි බුද්ධිමතුන් සමඟ තොරතුරු සම්බන්ධතා ඇතිකර ගැනීමට උගත් ඉංග්‍රීසි භාෂාව මහෝපකාරී වී ඇත. රත්මලාන පරමධම්ම ෙච්තිය පිරිවෙනේ අධ්‍යාපනය කරන කාලය තුළදී ත්‍රිපිටක ධර්මය ඉගෙනීම අවබෝධය හා සිංහල, පාලි හා සංස්‌කෘත භාෂාවෙන් විවිධ විෂයයන් පිළිබඳව ග්‍රන්ථ රාශියක්‌ ලියාපළකර ඇත. භද්‍ර යෞවන වියේදීම මහනුවර මල්වතු මහා විහාරයේදී 1848 දී උපසම්පදාවට පත්විය.

මේ අතරතුර නොසිතූ ලෙස රත්මලාන පරම ධම්මෙච්තිය පිරිවෙනේ අධිපතිව වැඩ විසූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි හදිසියේ අපවත් විය. එයින් හිස්‌ වූ තත් පිරිවෙනේ අධිපති ධුරය ද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිsමියනටම භාරවිය. ශ්‍රී පාදස්‌ථානයේ නායක ධුරය මෙන්ම එවකට පැල්මඩුල්ලේ පැවති විනය කර්ම සංගායනාවේ මූලිකත්වයට පත් වූයේ ද සුමංගල හිමිය.

බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ මුද්‍රණාල ආනයනය කර රට තුළ ස්‌ථාපනය කිරීම කරන ලදී. මුද්‍රිත මාධ්‍ය මගින් ඔවුන්ගේ ම පුවත්පත් හා ග්‍රන්ථ මුද්‍රණය කර ඒවා රට තුළ ව්‍යාප්ත කිරීමෙන් ආගම්වාදී හා ජාතිවාදී හැඟීම් රටවැසියා තුළ ඇති කරමින් ඔවුන් අතර අසමගිය වපුරා භේද භින්න ඇති කිරීමට කටයුතු කරන ලදී. මිෂනාරි ශාස්‌ත්‍රශාලා රටපුරා ඇති කිරීම මෙන්ම ආගම්වාදී විවාද ඇති කිරීම මගින් ජාතික, ආගමික හා සංස්‌කෘතික කම්පනයන් ස්‌වදේශිකයන් අතර ඇති කිරීමට ක්‍රමවේදයන් සකස්‌ කර ඇත. රට ජාතිය නාමයෙන් මේ සියලු ව්‍යසනකාරී ක්‍රියාවන් දූරීභූත කිරීම සඳහා දිවයිනේ අනාගත පැවැත්ම උදෙසා අභීතව ඉදිරිපත් වීමට සිදුවූයේ සුමංගල නාහිමි ප්‍රමුඛ ගිහි පැවිදි අතළොස්‌සකට පමණි. එදා එතුමන්ලා ගත් තීන්දු තීරණ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පවා සසල කිරීමට සමත් වීම හේතුවෙන් ඒවායේ නිවැරැදිතාවය කොතරම් ප්‍රබල දැයි පසුකාලීන සමාජයට පැහැදිලි වී ඇත.

පානදුරා වාදය , ගම්පොල වාදය වැනි ප්‍රසිද්ධ වේදිකා මත පැවැත්වූ ආගමික වාද වෙනුවෙන් අවශ්‍ය බෞද්ධ දාර්ශනික හා වෙනත් කරුණු සපයා දීමෙන් වාදිභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි මෙහෙයවන ලද්දේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එයින් නොනැවතුණු උන්වහන්සේ මුද්‍රණ කටයුතු ද ආරම්භ කර එම ආගම් වාද විවාද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ග්‍රන්ථ සකසා ඇමරිකාව ඇතුළු අපරදිග රටවලට ව්‍යාප්ත කරවන ලදී. එම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ප්‍රබෝධයට පත් ඕල්කොට්‌ මැතිතුමා හා බැලැවැට්‌ස්‌කි මැතිනිය ලක්‌දිවට පැමිණියේය. දිවයිනේ ස්‌වදේශීය ජනතාවට ඉංග්‍රීසි පාලකයන්ගෙන් සිදුව ඇති අකටයුතු අසාධාරණකම් සුපරික්‍ෂාකාරීව නිරීක්‍ෂණය කිරීමෙන් පසු බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දිවයිනේ විවිධ පළාත්වල බෞද්ධ පාසල් ඇති කිරීමට පුරෝගාමී වූහ. බ්‍රිතාන්‍යයන් විසින් අඩපණ කළ අපේකම යළිත් නගා සිටුවීමට සුදුසුම කාල පරාශය තුළ නොපැකිලව නොබියව විදේශීය විද්වතුන් කීපදෙනෙකු හෝ ඉදිරිපත් වීම ජාතියේ වාසනාවකි. අනගාරික ධර්මපාලතුමා හා වලිසිංහ හරිස්‌චJද්‍ර මැතිතුමා වැනි ව්‍යක්‌ත, බහුශ්‍රැත බෞද්ධයෝ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන නියෝජනය කිරීම සඳහාත් බෞද්ධ ලෝකය වෙනුවෙන් හඬ නැඟීම සඳහා විදේශීය රටවලට යෑවීමට සුමංගල හිමි උපදෙස්‌ දී ඇත. භාරතයේ උත්තර ප්‍රදේශයේ බුද්ධගයාව ඇතුළු බුදුන් වැඩ සිටි තැන් 'මහන්තා' වැනි හින්දු මූලධර්මවාදීන්ගෙන් විනාශ කිරීමේ යෙදී සිටියදී වහාම භාරතයට ගොස්‌ එම ක්‍රියාවලට එරෙහි වී නැවත එම ස්‌ථාන බෞද්ධයන් සතුකර ගැනීමට අහිංසාවාදී සටනක යෙදීමට අනගාරික ධර්මපාලතුමා මෙහෙයවීම දිරිමත් කිරීම සඳහා සුමංගල හිමි දායක වී ඇත.

රත්මලාන පරමධම්ම ෙච්තිය පිරිවෙණේ අධිපති ධුරයෙන් ලැබූ පන්නරය හේතුවෙන් තොටගමුවේ ඓතිහාසික විජයබා පිරිවෙනට සමාන පිරිවෙනක්‌ ස්‌ථාපිත කිරීමේ යහපත් අරමුණක්‌ උන්වහන්සේ තුළ ඇති වී ඇත. එබැවින් බෞද්ධ දානපතියන් කීපදෙනෙකු ද මෙම සද් කාර්යය සඳහා සහභාගි කරගෙන ඔවුන්ගේ ආදාර ඇතිව කොළඹ මාලිගාකන්ද ප්‍රදේශයෙන් ඉඩමක්‌ සුමංගල නාහිමි මිලට ගෙන ඇත. උන්වහන්සේගේ සිතැඟි පරිදි පසුව එහි 'විෙද්‍යාaදය පිරිවෙන' (1873) නමින් අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌, සිසුන් කීපදෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත. ජ්‍යෙdතිර් විද්‍යාව පිළිබඳව ශිෂ්‍ය අවදියේ සිට උසස්‌ දැනුමක්‌ ලබා තිබුණු බැවින් විෙද්‍යාaදය පිරිවෙනේ ගොඩනැගීම සඳහා 'ශුභ නැකත' එළඹෙන තුරු දොළොස්‌ වසරක්‌ කල් මරමින් සිටි බව ජන වහරේ පවතී. එබැවින් විෙද්‍යාදය පිරිවෙන ද ඉර හඳ පවතින තුරු පවතින බව පෙනේ. එසේම 1959 වසරේ විෙද්‍යාaදය පිරිවෙන 'විශ්වවිද්‍යාලයක්‌' බවට පත් වී දිනෙන් දින දියුණුවීම ශුභ මුහුර්තයේ ඵල දැරීමකි. එදා මෙදා තුර (1873 - 2013) විෙද්‍යාaදය තුළින් බිහි වූ දෙස්‌ විදෙස්‌ කීර්ති නාමයට පත් ගිහි පැවිදි අග්‍රගන්‍ය පඬිවරු ගිණිය නොහැකි සංඛ්‍යාවකි. අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි සමකාලීන විදෙස්‌ පඬිවරු මෙසේ ප්‍රශස්‌ථි කර ඇත.

"ලංකාවේ දකුණු බුදු සමයේ (ථෙරවාදයේ) මහා නායක සුමංගල නාහිමි නවීන විද්‍යාව ඉත සිතින් පිළිගත්තේය. උන්වහන්සේ හර්බට්‌ ස්‌පෙන්සර්ගේ පොත කියවයි. සුමංගල හිමි ඩාර්වින් ද ලිට්‌රේ ද සාධුන් ගණයේ ලා සලකයි. සුමංගල හිමි පාලනය කරනු ලබන දකුණු බුදු සමය උතුරු බුදු සමයට වඩා තර්කයට එකඟය. බුද්ධි ගෝචරය. නිදහස්‌ කම ගරු කරයි.'

ප්‍රංශ නොබෙල් ත්‍යාගලාභී ඇනටෝල් ප්‍රාන්ස්‌ - 1921

සිංහල ජාතිය, සංස්‌කෘතිය හා ආගම වෙනුවෙන් විදේශීය රාජ්‍යයන් සමඟ අභිමානවත් ආධ්‍යාත්මික අහිංසාවාදී සටනක යෙදුණු අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් අසූහතර වර්ෂයක්‌ (1827.01.20/ 1911.04.29) ආයු වළ¹ ජාතියේ පුනර්ජීවනය ඇති කර අපවත් වී වදාළහ. වත්මන් පරපුර අතීතයේ විසූ මෙවන් ජාතික වීරවරයන් විමසීම හා අධ්‍යයනය කිරීම කාලෝචිතය.