දුටුගැමුණු රජතුමා යුද්ධ කරන අවස්ථාවේ බුද්ධ වන්දනාව සදහා ජය කොන්තය භාවිතා කළේ ය. මෙහි ධාතූන්වහන්සේලා තැන්පත් බව කියැවේ. යුද්ධයෙන් ජයගෙන චාරිත්‍රානුකූලව තිසාවැවේ ජල ක්‍රීඩා සඳහා රජු සපිරිවරින් තිසා වැවට ගියේ ය.මේ ගමනේදී ජය කොන්තය ගෙන ගිය සේවකයා එය තිසා වැව අසල ස්ථානයක තැබීය. ජල ක්‍රීඩා අවසානයේ නැවත ජය කොන්තය ගෙන ඒමට ගිය සේවකයා එය එතැනින් එසවීමට නොහැකි යැයි පැවසුවේ ය. මෙය සැලවූ රජු ප්‍රීතියෙන් පිනාගොස් ජයකොන්තය එහිම තබා ස්තූපයක් කිරීමට තීරණය කළේ ය.


පුරා වසර තුනක් තිස්සේ ඉදි කළ මෙම චෛත්‍යය ශ්‍රී ලංකාවේ මහා ථූප සංස්කෘතියේ ආරම්භය ලෙස සැළකිය හැකි ය. රජු භික්ෂූන් වහන්සේලාට නො පිළිගන්වා මිරිස් මාලුවක් අනුභව කළ නිසා එයට දඬුවමක් වශයෙන් මෙම දාගැබ ඉදිකළ බව ද වංශකතාවේ දැක්වේ. එබැවින් එය මිරිසවැටිය නම් විය.

මිරිසවැටියේ මුළු උස අඩි 204 කි. වට ප්‍රමාණය අඩි 536 කි.