ගෞතම ශ්‍රීපාදස්ථානය..🙏🙏🙏

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.
බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

වංශ කතා සහ ජනප්‍රවාදයේ සදහන් වන පරිදි එදා රජ දවස රාජරාජ මහා අමාත්‍ය වරුන්ගේ හා විදෙස් ජාතිකයන්ගේ ද ගවුරවයට හා වන්දනා මානයට පාත්‍ර වී ඇත.

ක්‍රි.පූ 104 දී වලගම්බා රජු සොලී ආක්‍රමණ හමුවේ වන ගතව සැගවී සිටිකල එක් දිනයක මුවන් දඩයමේ යද්දී අහම්බෙන් ශ්‍රී පාදස්ථානය හමුවූ බවත් එතුමන් එය වන්දනාමාන කරන ලද බවත් පැවසේ.

පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව 1065-1199) විසින් ශ්‍රී පාදස්ථානය වන්දනාවේ පැමිණෙන ජනතාවට උපස්තාන කරවීම සදහා ගිලීමලේ නම් ග්‍රාමය කැපකර ඇති බව වංශකතාවල සදහන් වන අතර ගිලීමලේ හා අම්බගමුව ස්තාන වල ඇති සෙල්ලිපි වලින් එය මනාව ඔප්පු වේ.
 
නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව 1198-1206) විසින් ශ්‍රී පාදපත්මයේ ආරක්ශාව උදෙසා බදාම තට්ටුවකින් ආවරණය කල බව සදහන් වේ.

වැනීසියානු ජාතික මාකෝ පෝලෝ (ක්‍රි.ව 1254-1324) හා අරාබි ජාතික ඉබන් බතූතා (ක්‍රි.ව 1304-1365) ද මෙහි පැමිණ ඇති බව සදහන් වේ.

13 වන ශතවර්ෂයේ වෙදෙහා නම් භික්ෂුව ව්සින් රචිත "සමන්ත කූටා වන්නම" නම් පාලි කාව්‍ය යේ බෞද්ධයන් ශ්‍රී පාදස්ථානය වන්දනාකරන බව සදහන්ය .

දෙවන පරාක්‍රමබාහු රජු(ක්‍රි.ව 1250-1284) ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කර ඇති අතර ඔහුගේ අමාත්‍ය දේව පතිරාජ විසින්  ශ්‍රීපාද මාර්ගය ප්‍රතිසංස්කරණය කර(රත්නපුර -පලාබත්ගල රජමාවත)  යකඩ දම්වැල් යෙදූ බව (මහගිරිදඹ) සදහන්වේ.

එසේම විජයබාහු ,වික්‍රමබාහු ,විමලධර්මසූරිය ,නරේන්ද්‍රසිංහ (1705-1737) යන රජවරුන් ද වන්දනාමාන කර ඇතිබව සදහන්ය.

විමලධර්මසූරිය රජු (1592-1603) විසින් ශ්‍රී පාද පත්මයට ඉහලින් තැබීමට රිදියෙන් මුතුකුඩයක් පූජාකර ඇත.

එසේම සීතාවක රාජසිංහ රජු (1581-1592) විසින් ශ්‍රී පාදස්ථානයේ කටයුතු උදෙසා කුට්ටපිටිය ගම්මානය වෙන්කරන ලද අතර එම නියමය නිකුත් කරනලද තඹ සන්නස අදටත් පවතී.

ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් (උදුවප් පුර පසලොස්වක පොහොය) මැයි (වෙසක් පොහොය) කාලයට සීමාවේ. ශ්‍රී පාදස්ථානයේ භාරකාරීතවය පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරය මගින් සිදුවන අතර බෙංගමුවේ ධම්මදින්න මහානායක නාහිමියන් භාරකාරීතවය දරයි .

එසේම රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය "ආදම්" ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක්" (Adam's peak) යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ විශ්වාස නො කරයි. මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ "බබාද මලෙයි /ආදම් මලෙයි" යනුවෙන්ද භාවිතා කරති.
ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.
නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය මනාව පිරික්සා බැලිමේදි සදහන් වේ.
මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා" නම් වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.