ලොව විශාලතම දාගැබ ලෙස සැළකෙන මෙය මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලදි.


අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්නව පිහිටි ජේත නම් උද්‍යානයේ ඉදිකර ඇති නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. අක්කර 8 ක් වූ චෛත්‍ය මළුවේ පැත්තක දිග අඩි 576 කි. දාගැබ මළුවට පිවිසීමට දොරටු 4 ක් ඇත.